Thursday, October 4, 2018

How to cut a wayside tree

Just thinking.,

There is a big old tree along a main road with a huge timber value. A person with 'power’ in the society thinking to have the tree value converted in to Rupees. What will he do?

First to have a chat with a person who can influence the other people. He may be a politician or local reporter of a media or a Government servant. If he is a reporter, he has to write an article that this tree is old and can be dangerous to be in a main road where thousands of people pass daily. Others will do other things.

So the nice old tree which gave shelter to all now become a harassment to the so called people. In a couple of days the relevant authorities, in fear that they will have to responsible if the tree fallen, decide to cut the tree. Taking the corpse and selling will be a different story. But this would be the normal course of procedure on CUTTING TREES along the roads

Saturday, September 15, 2018

සහෘද යාමය පසු සටහන්

බොහෝ දේ දකින්න ඉගෙන ගන්න ලැබුණ දිනයක්. උගත් පාඩම් කොමිසම් සභාව තමයි අන්තිමට.

ඉඳගන්නට ආසනයක් තැනක් නැතුව වේගයෙන් ගමන් කරන බස් රථයක තම පියා සමග කිලෝමීටර් දහයක් හෝ පහළොවක් සිට ගෙන ගිය අවුරුදු තුනක හෝ හතරක කුඩා දරුවෙක් සහ එය දුටුවා නොදුටුවා සේ සිටින අප "සාමාන්‍ය මහජනතාව" මුලින්ම මුණ ගැසුණේ.

නෝනාගම හන්දියෙන් බැහැලා අඩිය උස්සන්න හම්බ වුනේ නෑ පොඩි සද්දයක් ඇහුනා පිටිපස්සෙන්. බලනකොට මම ආපු බස් එකේම ආපු සුදු ජෝඩුවක තරුණිය කාණුවේ වැටිලා. බස් නැවතුම අයිනෙන්ම තියෙන්නේ ආවරණයක් නැති කාණු පද්ධතියක්. බස් එකෙන් බැහැල කතාවෙන් කතාව උඩ බලාගෙන ගියොත් කෙලින්ම උරුම වන්නේ කාණුව.

නෝනාගම හන්දියේ ඇති ගජමන් නෝනාගේ පිළිරුව
ගිනි මද්දහනේ පිපාසය වැඩිකමට ම මම කඩේකින් බීම බෝතලයක් බීලා යන්න ඕන තැන පැත්තට හැරිලා සුබ මොහොතින් පාරට අඩිය තිබ්බා. ඒත් මොන පාර පැනිල්ලක්ද., වාහන යනවා යනවා ඉවරයක් නෑ. පාර පනින්න කෙනෙක් ඉන්නකොට වාහනවල Accelerator එක නිකම්ම වැඩ කරන එක ගැන කතාව ඇත්තක්. ඉතින් පැත්තකට වෙලා ටිකක් වෙලා හිටියා. එතකොට තමයි දැක්කේ මනුස්සයෙක් මාතර පැත්තට යන බස් රථයකින් බැස ගන්නවාත් ඒ සමගම ඔහුගේ හිස රැඳුණු තොප්පිය බිම වැටෙනවාත්. ඔහු ඒ දෙස බලා ගෙන හිස බිමට යොමා සිටිනවාත්. දූවිලි අවුස්සා ගෙන බස් රථය ගිය පසු බස් නැවතුමේ සිටි කුඩා දරුවකු පැමිණ එම තොප්පිය අසුලාගෙන ඔහුගේ හිස මත තැබුවා. එම පුද්ගලයාගේ දෑතම තිබුණේ නැහැ. ඒ වෙනුවට සුළඟට වැනෙන ඔහුගේ කමිසයේ අත් දෙක මා දුටුවා.

ඊළඟ සිදුවීම දකින්න ලැබුණේ මම ආපසු එන්න බස් නැවතුම ළඟට පැමිණ විටදී. එතැන හිටියා රැවුල සහ කොන්ඩය වැවුනු වයස්ගත ස්වාමීන් වහන්සේ නමක්. පාවහන් යුවලක් නොපැළඳ සිටියත් ජංගම දුරකතනයක් නම් ලඟ තියෙනවා දැක්කා. කොපමණ අත දැම්මත් පැමිණී බස් රථ වල තිරිංග ප්‍රශ්නයක් නිසාදෝ ඒ සියල්ලම නැවැත්වූයේ හාමුදුරුවෝ පසු කර ගෙන ගොස්. පට සිංගප්පූරු සිවුරු ඇඟ ලූ අසපුවාසී පින්වත් ලොකු ස්වාමීන් වහන්සේලා මෙන් දුටුවන් නෙත් සිත් පැහැර ගන්නා පෙනුමක් නොමැති වූයෙන් අව පැහැ ගත් පඬුවන් සිවුර විසින් නැවැත්වූයේ එක් ලංගම බසයක් පමණයි.

රජී වසන්ත වෙල්ගම සහ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල  දෙපලගේ කතා වස්තු සියල්ලම අහන්න බැරි වුනත් ඒ හිටි ටිකට බොහෝ දේවල් දැන ගන්න ලැබුනා. එයිනුත් රසයන් පිලිබඳ කතාවත් "මේ තරම් සියුමැලි ද" ගීතයේ වර්තමානයේ තත්ත්වයත් වැදගත්. ශබ්ද පරිපාලනයේ ගැටළුවක් නොවේ නම් ඔවුන් දෙදෙනාගේම කටහඬ පැහැදිලිව අහන්න ලැබෙන්නට තිබුනා. 

අම්බලන්තොට, නෝනාගම සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති ‘සහෘද යාමය 2018’ වැඩසටහනට පැමිණෙන්නැයි මට ආරාධනා කල මොහාන් අලගියාවඩු (Mohan Oswald Alagiyawadu) තරුණ මහතාට බොහෝ පිං. ඔහු මහත් සේ මේ පිළිබඳව වෙහෙස මහන්සි වුනා. නොඅනුමානවම එහි සිටි යෞවනයන් මට වඩා දෙයක් ග්‍රහණය කරගන්නට ඇති ඒත් ඔවුන් නොදැන සිටි එකම කාරණාව ඔවුන්ගේ ජංගම දුරකථන තිර පිටුපස සිටි අපටද පෙනෙන බවයි.

අවසානයට, පාරක් තොටක් අහගන්නට කතා කලත් මේ වන තෙක් මගේ දුරකථන ඇමතුමට පිලිතුරක් ලබා නොදුන් සියළුම දෙනාත් ආදරයෙන් සිහිපත් කරමින් මුලින්  ඉතා වේගයෙන් ගියත් දැන් ජීවිතයම එපා වී ඉතා හෙමින් ඉබි ගමනේ යන රියැදුරුත් සිහි කරමින් හසිත පෙරේරා තවමත් බස් රථයේ සිට (BBC එල්මෝ ප්‍රනාන්දු ශෛලියෙන්)

[බස් රථයේ දී සිදු කල අකුරු කෙටීම තව දුරටත් සංස්කරණය කොට සරල සුගම හැඩයක් එකතු කිරීමට දහිරියක් ලබා දුන්නේ සහෘද මොහාන් .
මගේ අගක් මුලක් නැති කතාව කියවූ ඔබටත් ස්තූතියි ]